FNA 2031 - සම්භාව්‍ය රංගකලාවන්

පාඨමාලාව හැඳින්වීම

 

ප්‍රිය විද්‍යාර්ථීනි,

ඔබ මේ වසංගත සමයේ අසීරුතා සමග ආරක්ෂිතව නිවෙස්වලට වී කාලය ගත කරනු ඇතැයි විශ්වාස කරමි. නාට්‍ය හා රංග කලාව පිළිබඳ අපේ පාඨමාලාව 2020 වර්ෂයේ පටන් නව විෂයය නිර්දේශයක් ඔස්සේ ඉදිරියට විහිදෙන අතර මෙම පාඨමාලාව හදාරන්නට එක්වන පළමු ශිෂ්‍ය කණ්ඩායම ඔබ බව දන්වන්නේ සතුටිනි.

2020 පළමු සමාසිකය සඳහා මෙම පාඨමාලාව මවිසින් සම්බන්ධීකරණය කරන අතර දේශක මණ්ඩලය පස් දෙනෙකුගෙන් සමන්විත ය. මා සමග, අධ්‍යයනාංශයේ ආචාරිනී ලීනා සෙනෙහෙවීර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වන අතර සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය රෝහණ සෙනෙවිරත්න මහතා ද, මහාචාර්ය ආරිය රාජකරුණා ද, බාහිර කථිකාචාරිණී මධුෂානි චන්ද්‍රසේකර මෙනවිය ද මේ හා සමග සම්බන්ධ වනු ඇත.  සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීණයකු වන ආචාර්ය සෙනෙවිරත්න, සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳ ශාස්ත්‍රීය සංවාදයක් ඔබ සමග අරඹනු ඇති අතර මමත්, අප අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස පසුගිය වසර දෙකක කටයුතු කොට ඇති චන්ද්‍රසේකර මෙනවියත් ඔබ මුණ ගැසෙන්නේ ග්‍රීක හා රෝම නාට්‍ය කලාවන් පිළිබඳ සාකච්ඡාව ඉදිරියට මෙහෙයවීමට ය. චීන නාට්‍ය කලාව පිළිබඳ සංවාදය ආචාර්ය ලීනා සෙනෙහෙවීර විසින් මෙහෙයවනු ඇති අතර ජපන් සම්භාව්‍ය නාට්‍ය කලාව පිළිබඳ සාකච්ඡාව සඳහා මහාචාර්ය රාජකරුණා එක් වනු ඇත.

මෙම සමාසිකය සඳහා වන C1 ෆෝරමය මූඩ්ල් අඩවියේ වන අතර, ඔබ වෙත ඊ මේල මාර්ගයෙන් ද එවා ඇත. ඒ අනුව මූලිකව පහත මාතෘකා මෙම සමාසිකය තුළ අපගේ අවධානයට යොමු වනු ඇත.

·         ග්‍රීක සහ රෝම නාට්‍ය කලාව

·         සංස්කෘත නාට්‍ය කලාව

·         චීන නාට්‍ය කලාව - පීකිං ඔපෙරා ඇතුළු

·         ජපාන නාට්‍ය කලාව - නෝ සහ කබුකි ඇතුළු

·         සම්භාව්‍ය රංග කලා න්‍යායන් - භරත මුණි සහ ඇරිස්ටෝටල්

මෙම පාඨමාලාව සඳහා උපකාරී විය හැකි විවිධ ලේඛණ සහ නාට්‍ය පිටපත් ආදියත්, වීඩියෝ දර්ශන ආදියත් මූඩ්ල් හරහා සහ ඊමේල් හරහා ඔබ වෙත ලබා දීමට කටයුතු කෙරෙනු ඇත. 

ස්තුතියි,

ප්‍රියන්ත ෆොන්සේකා

පාඨමාලා සම්බන්ධීකාරක